Dec 15, 2015

ඇවන්ගාඩ් අවි 56කට බලපත්‍ර නොදෙයි



ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ තුවක්කු 56ක බලපත්‍ර දීර්ඝ කිරීම මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතා ප්‍රතික්ෂේප කළේය.
 

එම සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය ඇතුළු රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන හෙයින් රහස් පොලිසියෙන් නිර්දේශයක් රැගෙන එන ලෙස එම සමාගමට දන්වා ඇති බව ද දැනගන්නට ඇත.

එම තුවක්කුවලට  දෙසැම්බර අග දක්වා බලපත්‍ර ඇති බවත්, ඉන් පසු 2016ට බලපත්‍ර නිකුත් නොකළහොත් ළඟම ඇති පොලිසියට එම අවි බාර දීමට සිදුවන බවත් පොලිස් ආරංචි පවසයි.

No comments:

Post a Comment