Dec 15, 2015
දියේ ගිළී මරණ 2යි
නානුඔය, දඹගස්තලාව ප්‍රදේශයේ සමර්සෙට් ඇළේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ ළමයා ජල පහරට හසුව ගසාගෙන යන අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක පාසල් සිසුවෙකි.
මළ සිරුර නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතය.
මේ අතර විල්ගමුව, ගිං ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.
මළ සිරුර විල්ගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment