Dec 27, 2015

Paper

Top of Form

(01).  Do the following.

(a). Rewrite the following sentences using another passive form.

(b). Think of possible subjects and turn the following sentences into active.

(i). A postcard has been sent to Jill.  ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
(ii). A new chance will be given to me.  ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
(iii). Bad news was told her.  ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
(iv). Millions of books are bought for students each year.  ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
(v). His place will be offered to Alan.  …………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
(vi). This information must be sent to Ann.  ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
(vii). Such a present had been given to my mum.  …………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
(viii). The garden was sold to the Simpsons.  ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
(ix). A letter has been shown to his parents.  ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………
(x). Higher wages will be promised to workers.  ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
(xi). This book is lent to readers very often. …………………………………………………………………………………………………………………………………………………………………………………………………

(02). Take the direct object as the subject and form the passive voice
(i). Ford offered Bill a job. 

(ii). My partner will send you the fax. 

(iii).My parents give me some pocket money. 

(iv). The mayor promised new flats to people. 

(v). The teacher will show slides to students. 

(vi). The bank will lend them enough money. 

(vii). The manager gave them a discount. 




(3). Rewrite the following sentences as stated in bold letters.
1.      The problem was explained to the children by the teacher. (future perfect-passive voice - negative question)
……………………………………………………………………………………………………………….
2. Those pyramids were built around 400 AD by ancient people. (past continuous-passive voice - positive question)
……………………………………………………………………………………………………………..
3. All the trouble was caused by your mother. (simple past - active voice - positive questions)
……………………………………………………………………………………………………………..
4. The visitors were shown a collection of old manuscripts. (simple future - passive voice - negative questions)
……………………………………………………………………………………………………………..
5. I lent him ten thousand pounds last year. (past perfect - passive voice - positive questions)
……………………………………………………………………………………………………………..
6. She is frightened of spiders. (present perfect - passive - negative questions)
…………………………………………………………………………………………………………….
7. That picture was painted by my grandmother. (present continuous - passive - negative)
………………………………………………………………………………………………………………………
8. I was shocked by his attitude. (simple future - passive - positive questions)
……………………………………………………………………………………………………………………..
9. The house is being painted by the workers. (past perfect continuous - active voice - positive)
…………………………………………………………………………………………………………………..
10. Who chose them? (passive voice - future perfect tense - positive questions)

………………………………………………………………………………………………………………….

Dec 17, 2015

කුසල් ගැන දයාසිරිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්


කුසල් ගැන දයාසිරිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතුවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.
ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්‍රණයේ අරමුණ දැයි සැකයක් මතුවන බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.
යම් හෙයකින් කුසල් මෙය දැනුවත්ව සිදුවී නම් ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැති බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.
කෙසේ වෙතත් එවැනි කුමන්ත්‍රණයක් සිදුවිය නොහැකි බවට ද ඇතැමුන් මත පළ කර තිබෙනවා. කිසියම් ලෙසකින් කුමන්ත්‍රණයක් සිදුවිය හැකි එකම ක්‍රමය  ක්‍රීඩකයාගේ කෑමට තහනම් උත්තේජක මුසු කිරීම පමණක් බවයි ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින් පවසා තිබෙන්නේ.
ඔවුන් සඳහන් කරන්නේ කුමන්ත්‍රණ කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාතෘකාවක් ලෙස බවයි.
කෙසේ වෙතත් කුසල් කුසල් ජනිත් පෙරේරාගේ බී සාම්පලයක් වැඩිදුර පරීක්ෂණ සඳහා ජගත් පාලක මණ්ඩලය වෙත යවන බවද විෂයභාර අමාත්‍යවරයා පවසා ඇතැයි වාර්තා වනවා.
කෙසේ වුවද බී සාම්පලය යනු පළමු සාම්පලයේම කොටසක් බැවින් ජගත් පාලක මණ්ඩලය වෙත වෙනත් සාම්පලයක් යැවීමෙන් වෙනස් ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව මද බවද ක්‍රීඩා විචාරකයින් පවසා තිබෙනවා.

පකිස්ථානුවන් මාට්ටු

කොල්ලුපිටියේ ව්‍යාපාරිකයෙකුගේ සිහිමූර්ජා කර රන් භාණ්ඩ කොල්ලකෑ පකිස්ථානුවන් මාට්ටු

කොල්ලුපිටියේ ව්‍යාපාරිකයෙකුගේ සිහිමූර්ජා කර රන් භාණ්ඩ කොල්ලකෑ පකිස්ථානුවන් මාට්ටු


කොල්ලුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් ස්වර්ණාභරණ හා මැණික් කොල්ල කෑ පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු කොල්ලුපිටිය  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ හා මැණික් වෙළඳසැලකට පැමිණි මොවුන් දෙදෙනා වෙළඳසැල් හිමිකරුගේ මුහුණට ද්‍රාවණයක් ඉස සිහි මුර්ජා වීමට සලස්වා ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව ඔවුන් වෙළඳසැලේ තිබූ රුපියල් එක්කෝටි දස ලක්ෂයක පමණ වවටිනාකමින් යුතු ස්වර්ණාභරණ සහ මැණික් කොල්ල කා පළා ගොස් ඇත.
 
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලීසිය කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකර ඇති අතර ප්‍රදේශයේ ලැගුම්හල් දෙකක රැඳී සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්  මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද ස්වර්ණාභරණ සහ මැණික් මෙන්ම අමෙරිකානු ඩොලර් 3650ක මුදලක් ද සොයාගෙන තිබේ.

සැකකාර පාකිස්ථාන ජාතිකයින් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

මහින්ද අදත් ජනපති කොමිසමේ!


මහින්ද අදත් ජනපති කොමිසමේ!
ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා තිබේ.

පසුගිය මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා ඇති අතර මීට පෙරත් අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට ඒ  මහතා කැඳවා තිබිණ.

දිවිනැඟුම සමෘද්ධිවෙයි


දිවිනැඟුම සමෘද්ධිවෙයි
සමෘද්ධි වැඩසටහන ශක්තිමවත්ව පවත්වාගෙන යෑම සදහා දැනට පවතින දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බිරිය මරා සැමියා වස බීලා


බිරිය මරා සැමියා වස බීලා
තිස්සමහරාම, බෙරලිහෙළ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳ ඝාතනය කර සියදිවි හානිකරගෙන තිබේ.

අද අළුයම අදාළ පුද්ගලයා සිය බිරිඳට තියුණූ ආයුධයකින් පහරදී ඝාතනය කිරීමෙන්  අනතුරුව වස පානය කර ඇති අතර දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් සහ 25 හැවිරිදි  පිරිමි පුද්ගලයෙකි.

කාන්තාවගේ අනියම් සබඳතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සිදුකල මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

තිස්සමහාරාම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ප්‍රසූත කළ දරුවා මරුට

ප්‍රසූත කළ දරුවා මරුට - කතක් අත්අඩංගුවට

ප්‍රසූත කළ දරුවා මරුට - කතක් අත්අඩංගුවට
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ නිවසකදී ප්‍රසූත කළ දරුවකු මියයාම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව 31 හැවිරිදි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන   බව සඳහන්ය.

මෙම කාන්තාව නවාතැන් ගෙන සිටි නිවසේ කාමරයක් තුළ දරු ප්‍රසූතිය සිදුව ඇති බව පොලීසිය පවසයි.

පොලිස් හදීසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.