කොල්ලුපිටියේ ව්‍යාපාරිකයෙකුගේ සිහිමූර්ජා කර රන් භාණ්ඩ කොල්ලකෑ පකිස්ථානුවන් මාට්ටු
කොල්ලුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් ස්වර්ණාභරණ හා මැණික් කොල්ල කෑ පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ හා මැණික් වෙළඳසැලකට පැමිණි මොවුන් දෙදෙනා වෙළඳසැල් හිමිකරුගේ මුහුණට ද්‍රාවණයක් ඉස සිහි මුර්ජා වීමට සලස්වා ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව ඔවුන් වෙළඳසැලේ තිබූ රුපියල් එක්කෝටි දස ලක්ෂයක පමණ වවටිනාකමින් යුතු ස්වර්ණාභරණ සහ මැණික් කොල්ල කා පළා ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලීසිය කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකර ඇති අතර ප්‍රදේශයේ ලැගුම්හල් දෙකක රැඳී සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද ස්වර්ණාභරණ සහ මැණික් මෙන්ම අමෙරිකානු ඩොලර් 3650ක මුදලක් ද සොයාගෙන තිබේ.
සැකකාර පාකිස්ථාන ජාතිකයින් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:
Post a Comment